දේශීය පුවත්

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු මහතා (ශ්‍රී.පො.පෙ.) පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් විරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) අනාවරණය කළේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිස් දෙදෙනකුට එරෙහිව නඩු පැවැරීම සඳහා මේ වන විට උධෘත ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යය සරත් වීරසේකර මහතා ,මනුෂ්‍ය ඝාතන, තුවාල සිදු කිරීම, දේපළ විනාශ කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා උධෘත ගොනු මෙසේ යොමු කර තිබෙන බව පවසා සිටියේය.

සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ ද නීතිපතිවරයාට බාර දී ඇති විමර්ශනයට අදාළ විමර්ශන ලිපිගොනු අට ද සැලකිල්ලට ගෙන නඩු පැවරීම් කටයුතු සිදු කෙරෙනු ඇති බව අමාත්‍යයවරයා ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 246 දෙනෙකු මේවන විට රිමාන්ඩ් හා රැඳවුම් නියෝග මත සිටින අතර පුහුණුවීම් කළ අවි ආයුධ ගෙනා, මද්‍රසා පාසල් හරහා අන්තවාදය වැපිරූ පිරිසක් ද මෙම පිරිස අතර වන බවද වාර්තාවේ.

අමාත්‍යය වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පවසා සිටියේ සැකකරුවන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් හා දේපළ සම්බන්ධයෙන් ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වාගෙන යන බවය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලබන 31 වැනිදා නිකුත් කෙරෙනු ඇති බව පැවසූ ඇමාත්‍යයවරයා එම වාර්තාවෙන් මෙම සිද්ධියට අදාළව සාක්ෂි රැසක් ඉදිරිපත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

ජනාධිපති කොමිසම මගින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී හෙළිදරව් කර නොගැනුණු කරුණු රාශියක් හෙළිදරව් කරගෙන ඇති බව පැවසූ අමාත්‍යයවරයා ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ගැන රජය සෑහීමට පත් නොවන බවද අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More