රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩේලි මිරර් පුවත් පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයන්ගේ සියලුම ගමන් විස්තර සංචාරක මණ්ඩලය දැනසිටි බවත් සංචාරකයන්ගේ මිරිස්ස සහ යාල සංචාරයන් පිළිබඳ දින කිහිපයකට පෙර සංචාරක මණ්ඩලයේ සභාපති ක‍්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය දැනවත් කර ඇති බවත් පවසයි.
එහිදී උදයංග වීරතුංග මහතා පවසන්නේ එම සංචාරය පිළිබඳව තමන් ඇයට විද්‍යුත් ලිපි මගින් ඇයට දැනුම් දුන් බවත් ඇය ඒ පිළිබඳව ස්තුති කර ප්‍රතිචාර දක්වා ඇති බවත්ය. තවද එම ගමනාන්ත පරික්ෂා කිරීම සඳහා ද සංචාරක මණ්ඩලය විසින් කණ්ඩායමක් පවා යවා ඇති බවත් ඇය පවසන දේ පමණක් කිසිවකු විශ්වාස නොකළ යුතු බවත් අවධාරණය කර සිටී.
කෙසේ වුවද සංචාරක මණ්ඩලයේ සභාපතිනිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් හේතුවෙන් සංචාරකයන් රැසක්ම තම සංචාර අවලංගු කල බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...