දේශීය පුවත්

‘‘13 වැනි ආණ්ඩුක1ම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වීම වැලැක්වීම සදහා ජේ. ආර් ජයවර්ධව ජනාධිපතිතුමා විසින් දැමූ බාධක ටික ගලවන්න හිතන්න එපා . එහෙම කළොත් ඉන්දියාවටත් වඩා ප්‍රභල ෆෙඩරල් රාජ්‍යයක් නිර්මානය වී රට දෙකඩවන බව ට මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අනතුරැ ඇගවීය.“

උන්වහන්සේ විසින් එම ප්‍රකාශය සිදු කරනු ලැබුවේ ඊයේ (03) පෙරවරැවේ කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ දී පැවති ජාතික මහා සග නියෝජිත සමුළුව අමතමිනි.

ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි
මේ රටම ප්‍රධාන ප්‍රශ්න තුනකට ලක්වෙලා. සිංහල දේශය විනාශ කිරීමේ කුමන්ත්‍රණය පළමුවැන්නයි. බි්‍රතාන්‍ය යුගයෙන් පසුව විරුද්ධවාදීන් අතට බලය ගිය නිසා සිංහල රට නිදහසින් පසුව ශ්‍රී ලංකාව බවට පත්වුණා.

අමරපුර සංඝ සභාවේ සභාපති ගන්තුනේ අස්සජි හිමි

විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියල බලයට ආව කිසිම නායකයෙක් විධායකය අහෝසි කළේ නැහැ. බලලෝභයට වඩා ඊට හේතු වුණේ රාජ්‍ය පාලනයේදී එහි තිබූ වැදගත්කම නිසයි.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි
අද රටම අනවබෝධයෙන් නිර්වින්දන බවෙන් පසු වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනය නමැති බෝම්බය ජවිපෙ ගෙන ආවත් එය පුපුරුවා හරින්නේ දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා මතයි.

13 වැනි සංශෝධනය රටක් ෆෙඩරල් කරන සංශෝධනයක්. ඉන්දියාවේ බලපෑම මත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඒක ගෙන ආවත් තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් රට ආරක්ෂා කරගන්න එතුමා කටයුතු කළා. ආණ්ඩුකාර තනතුර පත් කළේ ජනාධිපතිගේ ඍජු නියෝජිතයා ලෙසයි. ඒ නිසා රටට අහිතකර පනත් සම්මත කිරීමට හැකි වුණේ නැහැ.

ඒ වගේම ඉඩම්, සෞඛ්‍ය, සංස්කෘතිය, අධ්‍යාපනය ආදිය සම්බන්ධව පළාත් සභාවටත්, මධ්‍යම රජයටත් සමගාමී ලැයිස්තුවක් තිබුණා. ඒ නිසා මධ්‍යම ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන් ඉවත් වෙලා පළාත් සභාවලට කටයුතු කිරීමට අවකාශ සැලැසුණේ නැහැ. රට ආරක්ෂා වීමට, ස්වෛරීත්වයට එවැනි සාධක ඉවහල් වුණා.

මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි තිබෙන වාච්‍යාර්ථයට වඩා සැඟවී තිබෙන ව්‍යංගය විනාශකාරියි. මේ රටේ තිබෙන ප්‍රශ්නය රාජ්‍ය පාලන ක්‍රමයේ ප්‍රශ්නයක් නෙවෙයි. පාලකයන්ගේ ප්‍රශ්නයක්. දැන් මේ කරන්න හදන්නෙ නැති ප්‍රශ්නයකට උත්තර දෙන්න මහා විනාශයක් ඇති කිරීමක් පමණයි.

ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමි

අද ඉන්නෙ කොළේ වහලා ගහන ජනාධිපති කෙනෙකුයි අගමැති කෙනෙකුයි. මං ඉන්නකම් රණවිරුවෝ රකිනවා කියල ජනාධිපති කිව්වට ඒකවත් සිද්ධ වෙන්නේ නැහැ. 20 සම්මත කරගන්න හදන්නෙත් පළාත් සභා පනත සම්මත කළ ආකාරයට කොළේ වහලයි. ඒ නිසා අපි පැය විසි හතරම අවදියෙන් සිටිය යුතුයි. ඒ තරමට කයිරාටික විධියටයි මේ පාලකයො කටයුතු කරන්නෙ.

20 ගෙනල්ල වැටිල ඉන්න රනිල් වික්‍රමසිංහට මුක්කු ගහලා නැඟිටවන්න ජවිපෙට බැහැ. මේ රටේ ආණ්ඩු උතුරට වැඩ කළේ නැහැ කියලා ජවිපෙ නායකයා උතුරේ මැයි දිනේදී කිව්වා. ඒක මෝඩ ප්‍රකාශයක්.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

20 වැනි සංශෝධනය සම්මත කළොත් ඒක රටේ අවසාන ව්‍යවස්ථා සංශෝධනය වේවි! තවත් සංශෝධන කරන්න රටක් ඉතිරි වෙන්නෙ නැහැ.

එම සමුළුවට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී නායක මාහිමිපානන් වහන්සේ ප්‍රමුඛ සියලුම නිකායන් සහ පාර්ශවයන්හි අනුනායක හිමිවරැන් වැඩමකර සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More