දේශීය පුවත්

ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස් ජයශංකර් මහතා තම නිල ශ‍්‍රී ලංකා සංචාරය අතරතුරදි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ මෙරට දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර අර්ථවත් බලය බෙදාහැරීමක් සිදු කළ යුතු බවයි.

එහිදී ජයශංකර් මහතා සඳන් කළේ නොබෙදුණු එක්සත් ලංකාවක දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු වීම පිළිබඳව ඉන්දියාව අවධානයෙන් පසුවන බවයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට දිගු කලක් තිස්සේ සහයෝගය ලබාදෙමින් සිටින බව පැවසූ ඒ මහතා ශ්‍රී ලංකාවේ එක්සත්කම ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ඉන්දියාව දැඩි සේ කැපවී සිටින බව ද අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකාවේ ප්‍රගතිය හා සමෘද්ධිය නිසැකව ඉදිරියට යනු ඇත්තේ දහතුන්වන සංශෝධනය ඇතුළුව අර්ථවත් බලය බෙදාහැරීමකින් යන්න බව ‍ තමන් විශ්වාස කරන බවද ජයශංකර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More