දේශීය පුවත්

අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වොෂින්ටන් නුවර විරෝධතාකරුවන්ගේ අක්‍රමණයට ලක්ව ඇති බවත් විරෝධතා අතරතුර එක් කාන්තාවක් මියගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
.
අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක රෆායෙල් වර්නොක් සිය ජය තහවුරු කර ගත්තේ, රිපබ්ලිකන් පක්ෂයේ කෙලී ලොෆ්ලර් පරාජය කරමිනි.

ඒ අනුව අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පූර්ණ බලය හිමිකර ගැනීම සඳහා ජනාධිපති ධූරයට තේරී පත් වී සිටින ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂයට හැකි විය.

ඒත් සමග අමෙරිකාවේ අගනුවර වන වොෂින්ටන්හි ට්‍රම්ප් හිතවාදි කණ්ඩායම් විරෝධතා ආරම්භ වී ඇති අතර ඉතා ප්‍රචණ්ඩ අයුරින් ට්‍රම්ප් හිතවාදීන් වවීදි බැස කලහකාරී අන්දමින් හැසිරෙන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත.

කැපිටල්හිල් ගොඩනැල්ලේ දොරටු වසා ආරක්ෂාව තර කර තිබුණ ද විරෝධතාකරුවන් ඉතා ප්‍රචණ්ඩ අයුරින් ඒ තුළට ඇතුළුවීමට උත්සාහ දරා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් යෙදුව ද තත්ත්වය පාළනය කර ගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත් සභාගර්භයේ කතානායක පුටුව පවා විරෝධතාකරුවන් සිය සන්තකයට නතු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොන්ල්ඩ් ට්‍රම්ප් පරායට වුවද රිපබ්ලිකන් පාක්ෂිකයින් එය පිළිනොගන්නා බව මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා තුළින් පෙනීයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් ඇතුළු පාර්ශව ගණනාවක් ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය වංචනික අන්දමින් ලබා ගත් බවට චෝදනා නැගුව ද මේ වනතුරුත් එවන් කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට සමත් ව නැත.

එළඹෙන ජනවාරි 20 වැනි දා අමෙරිකාවේ තේරිපත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් 46 වන විධායක ජනාධිපති ලෙස ධුරයේ දිව්රුම් දීමට ද නියමිත වේ.

වොෂින්ටන්හි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට ද මේ වනවිට සීමා පනවා ඇති අතර ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පැය 12 ක කාලයකට අවහිර කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More