දේශීය පුවත්

ඉකුත් වසරේ (2020) මුව ආවරණ කෝටි එකසිය පනස් හයකට අධික ප්‍රමාණයක් සාගරයට එකතු වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි.

මුහුදට එකතු වී තිබෙන මුව ආවරණ තොගයේ බර ටොන් මිලියන 5කට ආසන්න (4,867,240ත්) වන බවද; මේ අනුව මීටර් 100ක වෙරළ තීරයකට දළ වශයෙන් මුඛ ආවරණ 70ක් පමණ එකතු වී තිබෙන බවට ගණන් බලා ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා පවසා සිටියේය.

මුව ආවරණවලට අමතරව එක්වරක් පමණක් භාවිත කරන පොලිතින්, ප්ලාස්ටික් ආදියද මුහුදට බැහැර කරන ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. කොට්න් බඩ්, බීම බට, යෝගට් හැඳි ආදිය දිරාපත් වීම සඳහා වසර 100 සිට 800 දක්වා කාලයක් ගතවන බවද ඔහු සඳහන් කරයි.

එක්වරක් පමණක් භාවිත කර ඉවතලන පොලිතින්, ප්ලාස්ටික් වෙනුවට පරිසරයට හිතැති විකල්ප දෑ නිෂ්පාදනය කිරීම පිළිබඳව අවධානය යොමුවිය යුතුව ඇතැයිද සාමාන්‍යාධිකාරිවරයා වැඩි දුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More