ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයශංකර් මහතා සමග ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර 06ක් පිළිබඳව ආණ්ඩුව එකඟතාවලට පැමිණ ඇති බවට අනාවරණය වේ.
කොළඹ වරාය නැගෙනහිර ජැටිය, ද්‍රව හා ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මහාමාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය මෙන්ම විවිධ විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය යන ක්ෂේත්‍රයන්වලින් අන්‍යොන්‍ය වශයෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට සූදානම් වන බව එම සංචාරයේදී ඉන්දීය විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාවට අයත් කාවේරි ද්‍රෝණියේ ස්වභාවික ගෑස් ලබා ගැනීමේ ව්‍යාපෘතිය සහ වතු ආශ්‍රිත නිවාස හා මාර්ග ඉකිරීමේ ව්‍යාපෘතිවලට සහයෝගය සපයන අතර කොවිඩ් සඳහා ලබාදෙන එන්නත ලබාදීමේදී මෙරටට ප්‍රමුඛත්වය හිමි වන බව ද සඳහන් කර ඇත.
අනෙක් යෝජනාව වන්නේ ඉන්දීය සංචාරකයන්ට මෙරටට පැමිණීමේ ඇති හැකියාව වර්ධනය කිරීමයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...