දේශීය පුවත්

ඉස්ලාමීය අන්තවාදී පූජකයෙකු වන සකීර් නායික්, ඉන්දියාවේ සිට මැලේසියාවට පැනගොස් දැනට මැලේසියාවේ ජීවත්වෙයි. ඔහු තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිට්න්නේ ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය හේතුවෙන් මිය යන මුස්ලිම්වරුන්ගේ සිරුරු රජය බලහත්කාරයෙන් ආදාහනය කරන බවත්, ඉක්මනින්ම එය ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය (Organization Islamic Cooperation) වෙත ගෙන යන බවත්ය.
වෛද්‍ය සකීර් නායික් මේ බව කියා සිටියේ තම ෆේස්බුක් පිටුවේ පළ කර ඇති වීඩියෝවක පෙනී සිටිමිනි.
එම ප්‍රකාශයෙන් ඔහු වැඩිදුරටත් පවසන්නේ, මුස්ලිම්වරුන් පමණක් නොව කිතුනුවන් ද මළ සිරුරු ආදාහනය නොකරන බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීම සඳහා ක්‍රිස්තියානි රටවල් ද එක්ව කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්ය.
සකීර් නායික් තම වීඩියෝ පටයෙන් පවසා සිටින්නේ
“ලෝකයේ රටවල් 57 ක මුස්ලිම්වරු බහුතරයක් සිටිනවා. ලොව බිලියන 2 ක් මුස්ලිම්වරු ජීවත් වෙනවා. මුස්ලිම්වරු ලෝක ජනගහනයෙන් සියයට 25 ක් වෙනවා. එහෙත් අවාසනාවකට මුස්ලිම්වරු එක්සත් වී නැහැ. මුස්ලිම් රටවල් ආත්මාර්ථකාමිත්වය වෙනුවෙන් එකිනෙකා අතර සටන් වදිනවා. අතීතයේ දී මෙන් මුස්ලිම් ප්‍රජාව එක්සත් වුවහොත් තත්වය වෙනස් වනු ඇත” යනුවෙනුයි.

එහිදී ඔහු මුස්ලිම්වරුන්ට අවවාදයක් දෙමින් පවසා සිටින්නේ,
“මුස්ලිම්වරු එක ශරීරයක් හා සමානයි, ශරීරයේ එක් කොටසක් රිදෙනවා නම්, එම වේදනාව මුළු ශරීරයටම පැතිරෙනු ඇත” යනුවෙනි. මුහම්මද් නබිතුමාගේ එම අවවාදය සිහිපත් කරමින් සකීර් නායික් අවධාරණය කරන්නේ“ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා ක්‍රිස්තියානි සුළු ජාතීන්ට සිදුවන අසාධාරණයට එරෙහිව මුස්ලිම්වරු ජාත්‍යන්තරව එක්සත් වුවහොත්, ශ්‍රී ලංකා රජයට සිය නීතිය වෙනස් කිරීමට සිදුවේවි,”යනුවෙනි.

https://www.facebook.com/watch/?v=845830292928667

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More