සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ඊයේ(06 ) නාරාහේන්පිටදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ ලබන 18 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වර්ජනයක නිරතවීමට එම සංගමය තීරණය කර ඇති බවයි.
එහිදී ඔහු විසින් පැහැදිලි කරනු ලැබුවේ බස් කර්මාන්තයේ නියැලෙන පිරිස් මුහුණ දෙන ගැටළුවලට රජයෙන් කිසිදු විසඳුමක් නොලැබීම හේතු කොට ගෙන මෙම තීරණය ගත් බවයි.
බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් සටහන්පත් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර ඇති බව අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කර සිටියේය.
එහිදී ඔහු අවධාරණය කරණු ලැබුවේ,ලබන 15 වනදා වන විට මෙම ගැටළුවලට විසදුම් නොලැබුණහොත් ලබන 18 වනදා සිට වර්ජනය ආරම්භ කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...