විපක්ෂ පාර්ළිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (06) දින පාර්ළිමේන්තුව අමතා ප්‍රකාශ කර සිටියේ; වත්මන් රජය බළයට ආවේ එක රටක් එක නීතියක් කියා පොල්ගෙඩි අකුරෙන් ගසා උවත් දැන් රටේ නීති පද්ධති 5ක් ක්‍රියාත්මක බවත් ඒවා නම් 1) රාජපක්ෂ නීතිය 2) ගජ මිතුරු නීතිය 3) කොවිඩ් නීතිය 4) දුප්පතුන්ගෙ නීතිය 5) යුක්‍රේන් නීතිය වන බවත්ය.
ස’ට ශාපයක් වී ඇති පස් දෙනෙකු ද ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. එනම් 1) ප්‍රධාන පෞද්ගලික මාධ්‍ය ආයතනයක් හිමි ඇන්ටිජන් මෑන් නමින් හඳුන්වන පුද්ගලයා 2) උදයංග වීරතුංග 3) නිශ්ශංක සේනාධිපති 4) ධම්මික 5) අනුරාධපුරයේ එක්කෙනෙක්. මේ ආණ්ඩුව හදන්න ඡන්දෙ දීපු 69 ලක්ෂයක් ෆේල් වලා තියෙන්නෙ ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ පස් දෙනා නිසා බවත් ඔහු පෙන්වා දෙයි.
මෙහෙම ගියොත් ෆේල් වෙන්නෙ වෙන කවුරුවත් නොව රට බවත් ප්‍රකාශ කරන ඔහු දැන්වත් රට නිවැරදි දිශාවට ගමන් කරවිය යුතු බව අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...