දේශීය පුවත්

එල්ලවන අභියෝගාත්මක දුෂ්කරතා හෝ මරණයට බිය නොවී සතුරා සමග ඕනෑම මොහොතක සටන් කිරීමේ පූර්ව සූදානමකින් නිරන්තර යුධ අභ්‍යාස වල යෙදෙන ලෙස; 2021 වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා වසර 100ක් පිරෙන බව ද සිහිගන්වමින්, චීනයේ මධ්‍යම මිලිටරි කොමිෂමේ ද ප්‍රධානියා වන චීන ජනාධිපති ෂී ජින් පින්, එරට ජනතා විමුක්ති හමුදාවට (PLA) නියෝග කර තිබේ.

එම අභ්‍යාසයන්හිදී මුහුණට මුහුණලා කරන සටන් පිළිබඳව මෙන්ම අධි තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් පරිගණක සජීවීකරණ වැඩ සටහන් වඩාත් දියුණු කරමින් භාවිතා කරන ලෙසත් සහ ස්කයිප් වැනි තාක්ෂණයන් හරහා උපදෙස් ලබාගැනීම වැඩි කරන ලෙසත් ඔහු වැඩිදුරටත් නියෝග කර තිබේ.

පසුගිය වසරේ ඉන්දියාව සහ තායිවානය සමග වඩාත් උණුසුම් වූ දේශසීමා අර්බුධ මධ්‍යයේ මෙවැනි නියෝගයක් දීම බරපතළ ලෙස සැලකිය යුතු වන්නේ පසුගිය මාසයේ ඇමරිකානු යුධ නාවික යාත්‍රාවක් තායිවාන සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමෙන් දිනකට පසු චීන ගුවන් යානා ප්‍රවාහන යුධ යාත්‍රාවක් ද ඒ හරහා යත්‍රා කරවීමෙන් අනතුරුව වීම නිසාය.

හිමාල දේශසීමාවේ ඉන්දියාව සමග ද තායිවානය සමග චීන දකුණු මුහුදු කළාපයේ ද චීනයට ඔවුන් සමග ඇති අර්බුධ වඩාත් උත්සන්න වන තත්වයක් තුළ තායිවානය විශාල ලෙස වොෂින්ටනයෙන් අධි තාක්ෂණික යුධ මෙවලම් මිළදී ගැනීම මෙන්ම එම අර්බුධ පිටුපස ඇති ඇමරිකානු යුධ, දේශපාළනික සහ ආර්ථික “පෙරකළාසි” වැඩසටහන් විසින් චීනය වඩ වඩාත් දැඩි ස්ථාවරයකට ගමන් කරන බවක් මෙම නියෝග මගින් පෙන්නුම් කරයි.

මින් පෙර වසරවල මෙම නියෝගය මගින් ප්‍රකාශ කෙරුනේ “අර්බුධ කළමනාකරණය කිරීම”, “සතුරා භය කිරීමේ උපක්‍රම භාවිතය” වැනි කරුණුය.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.rt.com/news/511546-xi-jinping-military-order/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More