දේශීය පුවත්

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ගේ මතයන් කාණ්ඩ දෙකකට බෙදී තිබෙන බවත් එක් කණ්ඩායමක් පවසන්නේ මෙම වෛරසයේ ආයු කාලය සම්බන්ධව නිෂ්චිතව කිව නොහැකි බවත් ඒ නිසා කොවිඩ් ආසාදිත මළ සිරුරු අනිවාර්යෙන්ම ආදාහනය කළ යුතු බවත් යැයි අද පිට කෝට්ටේ ජාතික නිදහස් පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ තවත් විද්‍යාඥයන් කණ්ඩායමක් පවසන්නේ කොවිඩ්19 වෛරසය ආසාදිත මළ සිරුරු භූමදානය කිරිම හානියක් නොවන බවත් යැයි පවසා සිටියේය.

ලෝකයට අළුත් වෛරසයක් සම්බන්ධයෙන් මෙවැනි මත විවිධ ගුරු කුළ වලින් මතුවන විට තීන්දු ගත යුත්තේ මානව වර්ගයාගේ පැවැත්මට සිදුවන හානිය ශුන්‍යය බවට පත් කරවන තින්දු මිස අවම හානිය සිදුවන තීන්දු නොවන බව අමාත්‍යය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.ඒ අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම අනිවාර්ය බවද ඒ මහතා පවසා සිටියේය.

ආණ්ඩුව ගත් කොවිඩ්19 වෛරසය ආසාදනය වූ මළ සිරුරු ආදාහනය  කිරීමේ තීන්දුවට මේ වන විට බෞද්ධ, කතෝලික,හින්දු සහ අන්තවාදී නොවන ඉස්ලාම් භක්තිකයන්ද එකඟ වී ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යය වීරවංශ මහතා එවැනි තීන්දුවක් ගැනීමට මුලික වූ සියලු දෙනාගෙන්ම පළිගන්නා බව පවසන අසාද් සාලි වැනි අන්තවාදීන් අනිවාර්යෙන්ම සිර ගෙදර සිටිය යුතු බවත් අවධාරණය කළේය.

ජනාධිපතිවරණ කොමිසමෙන් පවා අනාවරණයවී තිබෙන්නේ සතොසට අයත් වාහන වලින් ගොස් සහරාන්ගේ අන්තවාදී මිනීමරු සගයන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව ජනාධිපති කොමිසමේදී අනාවරණය වී ඇති බව පවසන අමාත්‍යවරයා මේ සඳහා බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරා සම්බන්ධ බව පැහැදිලි වන බව අවධාරණය කළේය.

මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පවසා සිටියේ,” ජනාධිපතිවරණයේදී ගෝඨභය රාජපක්ෂ මහතා දිනවා මහමැතිවරණයේදී තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන්නේ අසාද් සාලි වැන්නවුන්ට මෙලෙස ක්‍රියාකරන්න ඉඩ දී බලාගෙන සිටීමට නොවෙයි. අන්තවාදීන් සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් අපේ කිසිදු පැහැදීමක් නැහැ” යනුවෙනි.

මාධ්‍යය සාකච්ඡාවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික රාජ්‍යය අමාත්‍යය ජයන්ත සමරවීර මහතාද සහභාගි විය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More