දේශීය පුවත්

එජාප නායකත්වය ඡන්දයකට

May 4, 2018 9:32 am | Lanka Lead News

සෑම ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට පසුව පක්ෂ නායකත්වය ඡන්දයකට යොමු කිරීමට එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව තුළ ඉඩකඩ තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දුන් වාර්තාවේ දක්වා තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය පිළිබඳව අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද සාමාජිකයන් දස දෙනකුගෙන් යුත් කමිටුව විසින් මෙම වාර්තාව සකස් කරනු ලැබිය.
පක්ෂ නායකත්වය පිළිබඳ ඡන්ද විමසීමකදී ඒ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු බවද එම වාර්තාවේ දක්වා තිබේ.
එමෙන්ම පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලම සභාපති , මහ ‍ලේකම්, ජාතික සංවිධායක ඇතුළුව වඩා ක්‍රියාශීලී නව නායකයන්ට ලබා දිය යුතු බවද එහි දක්වා තිබේ.
පක්ෂය තුළ ප්‍රබල සංවිධානයක් විය යුතු බවට පවතින ජන මතයට ගරු කරමින් පක්ෂයේ මීළඟ නායකත්වය පත් කිරීමත් රට පුරා ගොස් පක්ෂයේ සංවිධාන ගොඩනැගීමට නියෝජ්‍ය නායකතුමාට පක්ෂ ව්‍යවස්ථාවෙන් බලතල ලබා දිය යුතු බවටද එම වාර්තාවේ දක්වා තිබේ.
පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට අමතරව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කොට නව තනතුරු ඇති කර එම තනතුරු සඳහා ප්‍රායෝගිකව සමස්ත රට තුළම වැඩ කළ හැකි පරිදි දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක් පත් කළ යුතු බවද එම වාර්තාවේ දක්වා තිබේ.
මන්ත්‍රී ධුරයක් නොමැති ආසන සංවිධායකවරුන්ට සහ කොට්ඨාස හා දිස්ත්‍රික් කළමනාකරුවන්ට රාජ්‍ය ආයතනවල සභාපති, කළමනාකරණ අධ්‍යක්ෂ හෝ උපදේශක ආදී තනතුරු වැටුප් හා වාහන පහසුකම් සහිතව ලබා දිය යුතු බවද එම වාර්තාවේ දක්වා ඇති අතර සිරිකොත කාර්ය මණ්ඩලය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කළ යුතු බවද එහි වැඩිදුරටත් දක්වා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More