ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනය අතර ඉකුත් 29 දා පැවැති අන්තර්ජාල රැස්වීමකදී තහවුරු කර ඇත්තේ සායනික අත්හදා බැලීමේ අවසාන විශ්ලේෂණය මත පදනම්ව, ස්පුට්නික් V එන්නතෙහි කාර්යක්ෂමතාව 91.4% කට වඩා ඉහළ බව තහවුරු කොට තිබෙන බවයි. මෙම රැස්වීම සඳහා රුසියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයා තිබිණ.
මෙම එන්නත පිළිබඳව සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල සහ අනුමත කිරීම්වල තත්ත්වය පිළිබඳව මෙන්ම නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්‍ෂණය, එහි ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව, ආදිය සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.
කොවිඩ්19 වෛරස් වසංගතය හමුවේ ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාවයේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර, දෙරටේ සෞඛ්‍යය හා සම්බන්ධ ආයතන අතර සබඳතා පුළුල් කිරීමටද එකඟ විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, වෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් වෛද්‍ය එල්. සෝමතුංග මහතා, වසංගත රෝග විද්‍යාඥයින්, ක්ෂුද්‍රජීව විද්‍යාඥයින්, එන්නත් පිළිබඳ විද්‍යාඥයින්, වෛරස් විද්‍යාඥයින්, ප්‍රතිශක්ති විද්‍යාඥයින් සහ වෙනත් විශේෂඥයින් විසින් නියෝජනය කරන ලදී.
රුසියානු කණ්ඩායමට රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින් ලෙස, ජාත්‍යන්තර සහයෝගීතා හා මහජන සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සර්ජි මුරවියොව් මහතා, රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක සර්ජි ග්ලැගොලෙව් මහතා සහ තවත් අය මෙම රැස්වීමට සහභාගී වූහ.
වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමලේයා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් මහතා, විද්‍යාත්මක සහකාර දාර්යා යෙගොරෝවා මහත්මිය සහ තවත් අය විසින් එම ආයතනය නියෝජනය කරන ලදී.
ලොව ලියාපදිංචි කළ පළමු කොවිඩ්-19 එන්නත ස්පුට්නික් V එන්නත වන අතර, එය දැනට එහි තුන්වැනි සායනික අත්හදා බැලීම්වල අවසාන අදියරෙහි පවතී. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මහතා මෙම රැස්වීමේ මුලසුන හෙබවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...