ආර්යුවේද රෝහල් කොව්ඩ් -19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කිරීමට පියවරගන්නා බවත් නාවින්න ආර්යුවේද රෝහල කේන්ද්‍ර කරගනිමින් එහි පළමු අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටී.
මේ සඳහා අධ්‍යනයන් රාශියක් කර ඇති බවත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනෙකුත් අංශවල සහයෝගය ලබාගෙන වෙනස් ක්‍රමයකට, එනම් භාවනා ක්‍රම, දේශීය ඖෂධ ලබාගැනීම මගින් ප්‍රතිකාර නියම කිරීම සඳහා උත්සාහ දරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...