දේශීය පුවත්

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු අමාත්‍යාංශයේ ජනවාරි 04 වනදා පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේදී පවසා සිටියේ අයවැය යෝජනාවලට අනුව පෞද්ගලික අංශයේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කර තිබුනද යම් සේවකයකුට වයස අවුරුදු 55 න් සේවය අවසන් කර සේවක භාරකාර හා සේවක අර්ථ සාධක අරමුදල්වල තැන්පතු ලබාගැනීමේ හැකියාව ඇති බවයි.

එහිදී කම්කරු ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පෞද්ගලික අංශයේ සේවකයන් විශ‍්‍රාම යෑමේ වයස 60 දක්වා දීර්ඝ කරනු ලැබුවේ වෘත්තීය සමිතිවල ඉල්ලීම මත බවත්, සේවකයාට අවශ්‍ය නම් අවුරුදු 55 න් හෝ 60 න් විශ‍්‍රාම යෑමේ හැකියාව පවතින බවත්ය.

මේ සම්බන්ධයෙන් පවතින පනත් සංශෝධනය කළයුතු නිසා වෘත්තීය සමිති නායකයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයින් සාකච්ඡා කර යෝජනා තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටි ඇමැතිවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡා කමිටුවක් ඉක්මණින් කැඳවා තීරණයක් ගෙන තමන් දැනුවත් කරන ලෙසද දන්වා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති, ජාතික උපදේශක සභාව නියෝජනය කරමින් ලෙස්ලි දේවේන්ද්‍ර, ඇන්ටන් මාකස්, සිල්වෙස්ටර් ජයකොඩි, වසන්ත සමරසිංහ, ලීනස් ජයතිලක යන මහත්වරුන් ඇතුළු වෘත්තීය සමිති නායකයෝ එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More