දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් කමිටුවක් පත් කල බවට, පසුගිය දෙසැම්බර් මස 30 වනදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ළිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා මාධ්‍යට පවසා තිබූ අතර එම කමිටු සාමාජිකයින්; දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂ කිහිපයක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී රැස්වී තිබේ.

“ජිනීවා මානව හිමිකම් සැසිවාරය වෙනුවෙන් පසුගිය සැසිවාරයේදී උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු වෙනුවෙන් ඉදිරිපත් කල යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කලා. ඒ වගේම එම යෝජනා වලට අමතරව වෙනත් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කල කමිටු සාමාජිකයින් මෙලෙස රැස්වුනා. ඉදිරියේදී පක්ෂ නායකයින් ඇතුලු කමිටු සාමාජිකයින් රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි” යනුවෙන් අදාල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More