දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් අද (05) පැවසීය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්‍ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“ලංකාවට එක සංචාරකයො අපි දාන ඔක්කොම නීතිවලට අනුව එන්න ඒ ගොල්ලන්ට පිස්සු නෙමෙයිනේ. දවස් 14 ක් බුදියන්න. එහෙම එනවද බුදියන්න. එක එක්කෙනාට නීති දාන්න පුඵවන්. ඒ නීතිවලට යටත්වෙලා සංචාරක කර්මාන්තෙ දියුණු කරන්න බෑ”

“හර්ෂ මන්ත්‍රිතුමා කියනවා සංචාරකයො දින 14 ක් තියන්න ඕන කියලා. ඔබතුමා දන්නවා සංචාරකයෝ පසුගිය ඉතිහාසය පුරා ඇවිත් තියෙන්නේ දින 10 යි, 12 යි, 14 යි. ඔබතුමාලා කියන්නේ සංචාරකයා පැය ගාණක් ඇවිල්ලා, කාමර ඇතුළෙ නිදියගෙන ඉඳලා ආපහු යන්න කියලද? එහෙම සංචාරකයන්ට පිස්සුවක් නෑ බුදියගෙන ඉදලා යන්න”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More