කුරුණෑගල නගර සීමාව තුළ තිබූ පෞරාණික වටිනාකමකින් යුතු රජපිහිල්ල රාජකීය උද්‍යානය පරිසර පද්ධතිය පසුගිය දෙවනදා නගරාධිපතිවරයාගේ සෘජු නියෝග මත ඩෝසර් කර විනාශ කර තිබූ අතර එහි තත්වය නිරීක්ෂණය කිරිම සඳහා අද (05) ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් එක්වී සිටියහ. එම අවස්ථාවාට ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න, කුරුණෑගල නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රණුක සංජන, කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සෝමතිලක ජයමාන්නද එක්වී සිටියහ.
මෙම අපරාධයට විරුද්ධව හෙට (06) දින කුරුණෑගල නගරයේදී සමාජවාදී තරුණ සංගමය විසින් විරෝධායවක්ද පැවැත්වීමටද නියමිත බව මෙහිදී කුරුණෑගල නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී රණුක සංජන සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...