දේශීය පුවත්

කොවිඩ් ආසාදිත දේහ ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දියහැකි බවට වන තම සංගමයේ මතයේ වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත දේහ ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නැමැති වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත සංගමයක් ඉකුත් ජනවාරි පළමුවැනිදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයේ විද්‍යාත්මක කරුණු පරස්පර බවටත්, එය දේශපාලනික නිවේදනයක් බවටත් සිංහලේ අපි ජාතික සංවිධානය ඊයේ (04) චෝදනා කළේය.

කෙසේවෙතත් තම සංවිධානය තවදුරටත් සිය ස්ථාවරයේම සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරිය වන වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය අද (05) සඳහන් කළාය.

මේ අතර, මේ සම්බන්ධයෙන් විශේෂඥයන් පළකරන්නේ වෙනත් අදහසකි.

සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ, මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා සඳහන් කළේ, “ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිසේත්ම අනිවාර්ය නිර්දේශයක් හැටියට දීලා නෑ මේක ඕනෑම රටක භූමදානය කරන්න අවශ්‍යයි කියලා. ඒ රටේ තිබෙන තත්ත්වයන් අනුව භූමදානය හෝ ආදාහනය තීරණය කරන්න පුළුවන්,” යනුවෙනි.

තවද, “කොවිඩ් වෛරසය දේහයෙන් එළියට ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා,” යනුවෙන් පාරිසරික විෂවේදය පිළිබඳ මහාචාර්ය මංගල ද සිල්වා මහතා අදහස් දක්වමින් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More