දේශීය පුවත්

යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්වීම පැහැදිලිවම නියමු ව්‍යාපෘතියක් වන බවත් ඉන් රජය බලාපොරොත්තු වෙන්නේ වෛරසය බෝවෙනවද නැද්ද යන්න පිළිබඳ අත්හදා බැලීමක් සිදුකිරීම බවත් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ජනවාරි (04) දින හිරු TV “සළකුණ” දේශපාලන වැඩසටහනට එක්වෙමින් පැහැදිලි කළේය.

සිදුවන සියල්ල වීඩියෝ ගත කරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය හා හමුදාව යන ආයතන තුනම ඊට යොදවා ඇති බවත් මෙය නියාමනය කිරීමේදී පනවා ඇති එකම කොන්දේසිය වන්නේ මෙහෙන් කොවිඩ් ඔවුන්ට බෝ නොවීමත් ඔවුන්ගෙන් මෙහෙට කොවිඩ් බෝ නොවීමත් බවත් හෙතෙම සඳහන් කරන ලදී.

මෙය හිතාමතාම කරන අත්හදා බැලීමක් බව බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.

”නියාමනයේදී අපි එකම කොන්දේසියයි පනවල තියෙන්නේ මෙහෙන් කොවිඩ් එක ඔවුන්ට බෝවෙන්නත් බැහැ ඔවුන්ගෙන් මෙහෙට බෝවෙන්නත් බැහැ. ඒවාට අත්හදා බැලීම් හැටියට අපි හිතාමතාම සමහර තැන්වල යම් යම් අත්හදා බැලීම් කරනවා. මොකද ජනාධිපතිතුමා අපට දීලා තියෙන ඉලක්කය අනුව සංචාරක ව්‍යාපාරයෙන් නියම ලාභයක් ගන්න නම් ලක්ෂ 20 ක් එන්න ඕනේ. ඒ ගාන ආවොත් තමා මේ ගන්න රිසක් එකේ ප්‍රයෝජනයක් තියෙන්නේ. ”

යුක්‍රේනය තෝරාගැනීම හොඳම ක්‍රමවේදයද? යන්න බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කෙරුණි.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ,”අපිට වෙන රටකින් ගෙනාවට වැඩක් නැහැනේ අපිට මේක බලාගන්න බැහැනේ. කොවිඩ් නැති රටකින් ගෙනල්ල අපට මේක බලාගන්න බැහැනේ. මේක පැතිරෙනවද කියලා” යනුවෙනි.

”අපි මේ නියමු ව්‍යාපෘතියෙන් බලනවා කොහෙන්ද ලීක් වෙන්න පුළුවන් කියලා. සෙබලෙක් පුහුණු කරන කොටත් අපි හතුරෙක් හදනවා. ඒවගේ මෙතනදී අපි අභ්‍යාසයක් කරන්නේ. ඒ හන්දා කලබල වෙන්න එපා. අපි කරුණු දෙකයි බලන්නේ. එහෙන් බෝවෙන්න බැහැ. මෙහෙන් බෝවෙන්නත් බැහැ වයලේට් වෙන එක ගැනත් බලනවා.” යනුවෙන් තවදුරටත් එම කාරණය පැහැදිලි කළේය.

මෙහිදී යළිත් බැසිල් රාජපක්ෂ මහතාගෙන් පෙරළා ප්‍රශ්න කෙරුණේ නිරෝධායන නීති උල්ලංඝනය කරන්නේ දැනුවත්වද යන්නයි.

”සමහර විට,ඒවා කියන්නේ නැහැ. අපි කොවිඩ් ටෙස්ට් එක කරනකොට 40ක් අරගන්නවනම් 20කට වතුර ගහනවා තව 20ට බෙහෙත් ගහනවා. හැබැයි කාටවත් කියන්නේ නැහැ. එතකොට තමයි ඒක ටෙස්ට් එකක් වෙන්නේ. මම කියන්නේ නැහැ මේක වුවමනාවෙන් කරනවා කියල. වුවමනා නැති වුනත් මෙවැනි දේවල්වල අඩුපාඩු සොයාගන්න වෙන්නේ මෙහෙම අඩුපාඩු කෙරුණොත් විතරයි.” යනුවෙන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන ලදී.

මෙහිදී රු.50ක් ලෙස තිබුණු සීනි බද්ද ශත 25ක් ලෙස පහළ දැමීම ගැන තවදුරටත් සිතීමට තිබුණු බවද මෙහිදී රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මේ වන විට ආණ්ඩුවේ පාර්ශවයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළින් නැගෙන විරෝධය සම්බන්ධයෙන් මෙන්ම පසුගියදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පතට පවසා තිබුණු කාරණය සම්බන්ධයෙන්ද අවධානය යොමුකෙරුණි.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ දේශපාලනයේදී සදාකාලික මිතුරන් මෙන්ම සදාකාලික හතුරන්ද නොමැති හෙයින් අඩුපාඩු හදාගෙන ඉදිරියට යා හැකි බවයි. 2020 වසරේ යම් පසුබෑමක් වුවද ගිලෙන නැවෙන් මීයන් ඉවත්ව යනවා සේ නොයා එක්ව ඉදිරියට යා හැකි බවයි ඔහු සාකච්ජාවේදී පෙන්වාදුන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන පරිදි නාමයෝජනා ලැබුණ පමණින් ජයග්‍රහණය කලා යනුවෙන් සිතිය නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානයට එක් කරගත්තේ පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුබැස්මක් සිදු වී පක්ෂය නැති වී යාම හොඳ දෙයක් නොවන නිසාත් තමන්ද එයට අකමැති නිසාත් බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් ඔවුන් තර්ජනාත්මකව එන්නේ නම් ඊටද සූදානම් බවයි බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ.

පළාත් සභා මැතිවරණය පිළිබඳවද මෙම සාකච්ජාවේදී අවධානය යොමු විය.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක් ලෙස මැතිවරණ කල් දැමීමට තමන් කිසිසේත්ම එකඟ නොමැති බවත් මැතිවරණ කල් දැමූ ආණ්ඩු පරාජය වූ බවද මෙහිදී රාජපක්ෂ මහතා පවසා ස් ඉටියේය.

මේ මොහොතේ පළාත් සභා අහෝසි කරණ ලෙස එක් පාර්ශවයක් දැඩිව කියා සිටින අතර එම පැහැදිලි කිරීම් අනුව පළාත් සභා ක්‍රමය අවශ්‍යද නැද්ද යන්න බැසිල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මතය විමසා සිටිය ද එලෙස පෞද්ගලික මතයක් ප්‍රකාශ කිරීමෙන් වැළකුණු බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ දිස්ත්‍රික් සභා ක්‍රමයක් වැනි දෙයක් සම්බන්ධයෙන් තමන් තුළ අදහසක් පවතින බවයි.

බඩ ඉරිඟු වගාවට විශාල බලපෑමක් එල්ල කරමින් තිබෙන සේනා දළඹුවා සම්බන්ධයෙන් පරීක්ෂා කොට ඊට විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් පසුගියදා මෙරටට රුවන්ඩා හමුදාවෙන් විශේෂඥයින් පැමිණියේය.

රට තුළ කෘෂි විශේෂඥයින් සිටින විට ඔවුන් කිසිවෙක් හෝ නොදැන අවම වශයෙන් කෘෂිකර්ම ඇමතිවරයා හෝ නොදැන මේ රුවන්ඩා හමුදා විශේෂඥ පරීක්ෂක කණ්ඩායම පැමිණ ඇති බවට රට තුළ සාකච්ජාවට ලක් විය.

මේ කාරණය සම්බන්ධයෙන් සළකුණ මාධ්‍ය කණ්ඩායම බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසූ අතර ඊට පැහැදිලි පිළිතුරක් දීමට රාජපක්ෂ මහතා අපොහොසත්වන අයුරු පෙනෙන්ට තිබුණි.

රුවන්ඩා කණ්ඩායම ගෙන්වා ඇත්තේ යුධහමුදාපතිවරයා ද කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා පැවසුවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙල තුළ යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉතා දක්ෂ ලෙස කටයුතු කර තිබෙන පුද්ගලයෙක් බවත් ඔහුගේ සම්බන්ධකමක් මත රුවන්ඩා කණ්ඩායම පැමිණියේද යන්න තමන් සොයා බලන්නම් යනුවෙනි.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීමට සූදානම් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වෙන චෝදනාවට පැහැදිලි කිරීම් එක්කරමින් හෙතෙම කියා සිටියේ තමන් ජනාධිපති ලෙස සිටියා නම් ආයෝජනයක් ලෙස ලොව ප්‍රබල නාවික සමාගම් හතර පහක් සමඟ එක්ව තවත් වරාය හතර පහක් හදන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More