තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 217ක් දක්වා ඉහළ ගොස් තිබේ.
01. මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවකි. මාතලේ දිස්ත්‍රික්ක රෝහලේදී 2021 ජනවාරි මස 3 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ ස්වසන පද්ධතියේ ආසාදනයයි.
02. කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවකි. 2021 ජනවාරි මස 2 වනදින කළුතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සමඟ ලේ විෂවීම සහ ඇදුම රෝගයයි.
අද (05) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 255ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 479ක් වේ.
ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,977කි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...