දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අද පස්වරුවේ මෙරටට පැමිණියා. ඒ, ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානයකින්.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග එම අමාත්‍යංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළේදී එම පිරිස පිරිගෙන ඇත්තේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය විසින්.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්, ලබන 07 වනදා දක්වා මෙරට රැඳී සිටීමටයි නියමිතව ඇත්තේ. එම කාලය තුලදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට ද නියමිතව තිබෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...