දේශීය පුවත්

විදෙස්ගත ගෘහ සේවිකාවන් මෙරටට ගෙන්වාගැනීමට ආණ්ඩුව කිසිදු සාර්ථක වැඩපිළිවෙලක් සකසා නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික  සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයින් කිහිපදෙනෙකුගේ වීඩියෝ පටද මාධ්‍යට මුදා හරිමිනි.

“ඔබ මේ ආණ්ඩුව බලයට ගේන්න දායක වුනු මිනිස්සු නම් තේරුම් ගත යුත්තේ මේ ආණ්ඩුව කපටි ආරක්‍ෂකයෙක් පමණක් බවයි. මේ ආණ්ඩුව කතා කරන්නේ ජනතාවගේ ආරක්‍ෂාව ගැන නෙවෙයි. අදත් ඔවුන් පෙනී ඉන්නේ ගජ මිතුරන් වෙනුවෙන් පමණයි. මේ වසංගතයත් හිඟන්නගෙ තුවාළය බවට පත්කර ගනිමින් හම්බ කරගන්න පමණයි වැඩසටහන් හදන්නේ. අද ‘උදයංග යුක්‍රේන කොරෝනා පොකුර’ දේශීය සංචාරක කර්මාන්තයේ පිරිස් පමණක් නොව ජනතාවත් බියට පත් කරමින් රට වටේ යනවා. වැඩපිළිවෙළක් සැලැස්මක් නැති විකෘතිසහගත දේවල් නිසා ජනතාවත් අපහසුතාවයට පත්වෙලා. ඒ නිසා අපි ආණ්ඩුවට බලකරනවා ශ්‍රී ලාංකිකයින් මේ රටට ගෙන්වීමේ වැඩපිළිවෙළ මොකක්ද කියලා ප්‍රසිද්ධියට පත්කරන්න කියලා. දින වකවානු සහිතව ආණ්ඩුව දැන්වත් වැඩසටහනක් සකස් කළ යුතුයි කුවේට් අරමුදල, රක්‍ෂණ අරමුදල් හෝ විශේෂ අරමුදලක් පිහිටුවලා හෝ අසරණ වූ ශ්‍රී ලාංකික ජනතාවට පිහිට වෙන්න ආණ්ඩුව වගකීම බාරගත යුතුයි. කොරෝනාවෙන් ගසාකන ජාවාරම නතර කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.” යැයි එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමව සඳහා නීතීඥ ජානක අධිකාරී මහතාද එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති…

“මේ ආණ්ඩුව මැදපෙරදිග ඇතුළු විදේශ රටවල්වල අසරණ වුණු ශ්‍රී ලාංකික ජනතාව මෙරටට ගෙන්වනවා වෙනුවට ආණ්ඩුවේ ගජ මිත්‍රයින්ගේ ව්‍යාපාර දියුණු කරන්න සංචාරකයින් ගෙන්වන, රටේ කෙරෝනා පතුරුවන ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. ඒවට අද රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා. එතෙර අපි සංවිධානය අවස්ථා ගණනාවකදී ආණ්ඩුව දැනුවත් කළා, ඒ ඒ රටවල්වල අසරණවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් පිළිබඳව. නමුත් ජනතාවට වගකියනවා කියපු, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රට විරුවන් ලෙස හඳුන්වපු මේ ආණ්ඩුව සෑහීමකට පත්විය හැකි කිසිදු පියවරක් ඔවුන් වෙනුවෙන් ගත්තේ නැහැ. 2020 මාර්තු දෙවැනි වසංගත තත්වය ඇතිවූ පසුව විදේශ රැකියාවල කාලය අවසන් වූ, වීසා අවසන් වූ, රැකියා අහිමි වූ, වැඩිදුර අධ්‍යාපනයට ගිය, රෝගී තත්වයන්ට ප්‍රතිකාර ගන්න ගියපු, විදේශ අධ්‍යාපනය නිමා කරපු, විසිට් වීසාවලින් තමන්ගේ ඥාතීන් බලන්න ගියපු, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැකියාවලට ගියපු විවිධ පිරිස් මාස 10ක්, අවුරුද්දක් වැනි කාලයක් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා. සමහරුන්ගේ අධ්‍යයන නිවාඩු ඉවර වෙලා. රැකියා ගිවිසුම් අවසන් වෙලා. විසිට් වීසාවල කාලය අවසන් වෙලා. මෙවැනි විවිධ අපහසුතාවයන්වලට ගැටලුවලට මුහුණ දෙන පිරිස් ලංකාවට එන්න බලාගෙන ඉන්නවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More