දේශීය පුවත්

නොකඩවා පසුගිය දින 07ක් තිස්සේ කොවිඩ් රෝගීන් 50,000 කට වඩා වාර්තා වූ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් අද (05) දින සිට පෙබරවාරි මාසයේ මැද දක්වා මුලු රටම ආවරණය වන ලෙස රටම වසාදැමීමට කටයුතු කරන බව ඊයේ (04) දින ජාතිය අමතා ප්‍රකාශයට පත් කළේය.

මේ අතර ස්කොට්ලන්ත ප්‍රධාන අමාත්‍යවරයා ද ප්‍රකාශයට පත්කර ඇත්තේ ස්කොට්ලන්තය ද ඊයේ (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ඒ ආකාරයටම වසා දමන බවයි.

මීට සති කිහිපයකට පෙර එන්ගලන්තයේ අසල් වැසි රාජ්‍යයන් සියල්ලම එන්ගලන්තය සමග දේශසීමා වසා දමා ඇති බවත් රටවල් 50 කට අදික ප්‍රමාණයක් එන්ගලන්තය සමඟ ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවතා දැමූ බවත් වාර්තා වූයේ එන්ගලන්තයෙන් සොයා ගෙන ඇති ඉතා වේගයෙන් පැතිර යන කොවිඩ් 19 අලුත් වයිරස් ප්‍රභේදයක් නිසාය.

එන්ගලන්තයේ තත්වය මෙසේ තිබියදී එරට ක්‍රිකට් කණ්ඩායම ලංකාවට ගෙන්වීමට අප රටේ දේශපාලකයින් සහ ක්‍රිකට් බළධාරීන් කටයුතු කළ අතර මොයින් ඛාන්ට අමතරව තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බවට සැක පහල වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More