දේශීය පුවත්

චම්පික රණවක විසින් ගොඩනගමින් සිටින වෙනම සංවිධානයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඔහු එම මන්ත්‍රී කණ්ඩායමෙන් නැගිට ගොස් ඇතැයි වාර්තා වෙයි.

චම්පික රණවක මහතාගේ මැදිහත්වීමෙන් හදන නව සංවිධානයේ පිරිස් වලට සමගි ජන බලවේගයට එක්වීමට නොහැක්කේ මන්ද? යන්න සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂ ද සිල්වා ආදීන් චම්පික රණවකගෙන් දැඩිව විමසා ඇති බව වාර්තා වෙයි..

මැතිවරණ අවස්ථාවේ දී එම සංවිධානයේ පිරිස් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය පිළි නොගෙන වෙනත් අයෙකු නායකයා යැයි කිව්වොත් කුමක් වේ දැ යි සරත් ෆොන්සේකා මහතා විමසා ඇත.

මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කර තිබෙන්නේ වෙනම සංවිධාන හදන්න කිසිවකු අවශ්‍ය නොවන බවත් සියලු දෙනාටම එකතුවිය හැකි වේදිකා කිහිපයක්ම සමගි ජනබලවේගය නිර්මාණය කර ඇති බවත්ය.

එල්ලවූ දැඩි ප‍්‍රහාර මධ්‍යයේ චම්පික රණවක එම මන්ත‍්‍රී කණ්ඩායම් හමුවෙන් නැගිට පිටත්ව ගොස් ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More