දේශීය පුවත්

අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හැර එම පළාතේ සෙසු ප‍්‍රදේශවල පාසල්වල 11 වැනි ශ්‍රේණියේ පන්ති මෙම මස 25 වැනිදා ආරම්භ කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, සෙසු පළාත්වල සියලූ පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා වන සියලූම ශ්‍රේණි ලබන 11 වැනිදා සෞඛ්‍ය විධිවිධානයන්ට යටත්ව විවෘත කෙරෙන බවද ඇමැතිවරයා පැවසීය.

2020 අපොස සාපෙල විභාගය මාර්තු මාසයේ පැවැත්වෙන බවත් සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල ජූනි මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට සෑම ප‍්‍රයත්නයක්ම දරන බවත්, උසස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උසස් පෙළ ප‍්‍රතිඵල මාර්තු අවසානයේ හෝ අපේ‍්‍රල් මුල නිකුත් කිරීමට හැකිවෙතැයි විශ්වාස කරන බවත්, උසස් පෙළ ප‍්‍රතිඵල නිකුත් කිරීම හා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීම අතර අවුරුදු එකහමාරක් පමණ වන පරතරය සෑහෙන ප‍්‍රමාණයකින් අඩු කිරීමට විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කරන බවත් අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More