සිය රටේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆෝර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (AstraZeneca) කොවිඩ් එන්නත අපනයනය කිරීම ඉන්දීය රජය මාස කිහිපයකට තහනම් කර ඇත. ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන සේරම් ආයතනයට ඉන්දීය රජය මෙම තහනම පනවා ඇත.
මේ පිළිබඳව විදෙස් මාධ්‍ය වෙත අදහස් පළකර ඇති සේරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අදාර් පුනාවල්ලා ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වසංගතයෙන් අවදානමට ලක්ව සිටින ඉන්දීය ජනතාව ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීම සඳහා රජය මෙම තහනම පනවා ඇති බවයි. ඒ අනුව මෙම එන්නත පෞද්ගලික වෙළෙඳපොළේ විකිණීම තහනම් වන අතර සේරම් ආයතනයට එන්නත ලබාදිය හැක්කේ ඉන්දීය රජයට පමණි.
මෙම එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා ඉන්දීය රජය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, ඒ අනුව 2021 මාර්තු මාසය වන විට එන්නත මෙරටට ආනයනය කිරීමට හැකිවනු ඇති බවත් කොවිඩ් -19 එන්නත මෙරටට ගෙනඒමේ වැඩසටහනේ සම්බන්ධීකාරක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග පසුගිය සතියේ ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ සේරම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කරන ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කෝවැක්ස් (COVAX) වැඩසටහන යටතේ දිළිදු රටවලට බෙදාහැරීම සඳහා මෙම ඔක්ස්ෆර්ඩ් එන්නතින් මාත්‍රා මිලියන 300 සිට 400 දක්වා වූ ප්‍රමාණයක් ඇණවුම් කිරීමට ගිවිසුමක් සකස් කරමින් සිටී. කෙසේ වෙතත් වර්තමාන තහනම හේතුවෙන් දිළිඳු රටවලට එන්නත ලබා ගැනීමට තවත් අමතර මාස කිහිපයක් බලා සිටීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...