Uncategorized

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණ…හොත් නැවතත් රටේ කෝලාහලයක් ඇතිවීමේ අවදානමක් පවතින බව විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා අනතුරු අඟවයි.

මෙරට සංචාරයක නිරතව සිටින ආසියා පැසිෆික් කලාපයේ බි්‍රතාන්‍ය ඇමැති මාර්ක් ෆීල්ඩ් මහතා කොළඹදී හමුවූ අවස්ථාවේ සම්පන්දන් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
මෙරට වත්මන් දේශපාලන වාතාවරණය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳ සම්පන්දන් මහතා බි්‍රතාන්‍ය ඇමැති ෆීල්ඩ් මහතා වෙත මෙසේ කරුණු විස්තර කරදී ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වන කාර්ය සඳහා දෙමළ ජාතික සන්ධානය විනිවිදව සහභාගි වී සිටිමු. මේ රටේ පවතින විවිධත්වය හේතුවෙන් 1957 වසරේ සිටම විවිධ උත්සාහයන් දරනු ලැබිණි. එහෙත් අවාසනාවකට මෙන් ඒ කිසිදු උත්සාහයක් සාර්ථකත්වයට පත්වූයේ නැත.
බලය බෙදා හැරීම පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටින්නේ වසර 30ක කාලයක සිටය. එහෙත් 1987 වසරේදී ඉන්දියාවේ මැදිහත්වීම මත මෙරට ව්‍යවස්ථාවට බලය බෙදීම ඇතුළත් වුණා. එදා සිට අද දක්වා බලයට පැමිණි සෑම ආණ්ඩුවක්ම මෙරට ජාතික ගැටලුව විසඳීමට විවිධ උත්සාහයන් ගනු ලැබුවා.
අප ජනතාව මෙරට පුරවැසියන් වශයෙන් මෙන්ම සමාජ සංස්කෘතික, ආර්ථික හා දේශපාලනමය වශයෙන් බලය ක්‍රියාත්මක කළ හැකි බලය බෙදාහැරීමක් අවශ්‍ය බව දිගින් දිගටම අපි බල කරමින් සිටින්නෙමු. එහෙත් ඔවුන් කිසිවිටෙකත් එවැනි බලතල ප්‍රමාණයක් ලබාදීමට තරම් නම්‍යශීලී නොවනු ඇත.
උතුරු නැඟෙනහිර පළාත්වල බහුතරයක් දෙමළ ජනතාව ජීවත් වන නිසා එම පළාත් ඒකාබද්ධ කිරීමට අපි යෝජනා කර තිබේ. එමෙන්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මෙරට කිසිවිටෙකත් නොබෙදෙන බවට තහවුරු කෙරෙන බැවින් උතුරු නැඟෙනහිර පළාත් ඒකාබද්ධ වීම පිළිබඳව සිංහල ජනතාව අනිසි බියක් ඇතිකර ගත යුතු නැත. බලය බෙදා හැරීම සිදුවන්නේ නොබෙදුණු හා නොබෙදෙන ශ්‍රී ලංකාවකයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජාතික ගැටලුව සඳහා විසඳුමක් ලබාදිය යුතුවම තිබේ. මේ අවස්ථාව කුමන හෝ වාතාවරණයක් මඟහැරුණහොත් යළිත් එය කෝලාහලයක් සඳහා ඉඩ ප්‍රස්තා ඇති කරනු ඇත. පසුගිය කාලයේ මෙරට ඇති වූ කෝලාහල හේතුවෙන් මෙරට ජීවත් වූ දෙමළ ජනතාවගෙන් සියයට පනහකට ආසන්න පිරිසක් විදෙස් රටවලට ගියා. ජාතික ගැටලුවට විසඳුමක් නොලැබුණොත් මේ රටේ ජීවත් වන තවත් ජනතා කොටසක් විදෙස් රටවලට යනු ඇති.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජාතික ගැටලුව සඳහා විසඳුමක් ලබාදීම කෙරෙහි අන්තර්ජාතිකයට බලපෑම් කිරීමේ හැකියාව තිබෙනවා. එසේම විදෙස් ශ්‍රී ලාංකිකයන්ද මේ සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් සිටී.

විපක්ෂ නායකවරයාගේ මේ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් මාර්ක් ෆීල්ඩ් මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහයෝගය අගය කළ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අන්තර්ජාතික සහයෝගය උපරිමයෙන් ලබාදෙන බවද පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More