ලොව පුරා පැතිරෙන කොරෝනා වෛරසයේ විවිධ ප‍්‍රභේද මෙරටට පැමිණෙන විදේශිකයින් හරහා රට තුළට ඇතුළුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටින අතර විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට ඊට සම්බන්ධ සියලූ පාර්ශව වගබලාගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටී.
වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ මෙරටට පැමිණෙන සංචාරකයින් රට තුළ සංචාරය කරන්නේ සිය නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කිරීමට පෙර වීම මෙම අවදානමට හේතුව බවත් එනිසා ජෛව ආරක්ෂක බුබුළක් තුළ මෙම සංචාරකයින් සිය සංචාර සිදුකළ ද, සංචාරකයින් සමග ගැටෙන සියලූදෙනා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපැදීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දමා තිබූ ගුවන් තොටුපළ ඉකුත් 28 වනදා සංචාරකයින් වෙනුවෙන් විවෘත කළ අතර ඒ යටතේ යුක්රේන ජාතිකයින් ඇතුළු සංචාරකයින් 500 කට අධික පිරිසක් මෙරටට පැමිණ සිටිනවා.
ඒ අතරින් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මෙරටදී සිදුකරන ලද PCR පරීක්ෂණවලදි තහවුරු වුණා. මෙරටට පැමිණි එම යුක්රේන ජාතික සංචාරකයින්ගෙන් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරය කිරීම හේතුවෙන් සෆාරි ජීප්රථ රියදුරන් 27 දෙනෙකු දින 14 ක් නිරෝධායනයට යොමු කිරීමටත් පියවර ගැනුණ අතර ඒ අනුව මෙරටට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයින් සංචාරය කිරීමට නියමිතව තිබූ පොළොන්නරුව සහ සීගිරි සංචාර අවලංගු කිරීමට සංචාරක අමාත්‍යංශය ද පියවර ගනු ලැබීය.
මේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පවසන්නේ නියමු ව්‍යාපෘතියෙන් පසු විදෙස් සංචාරකයින් ඇතුළු සියලූ වාණිජ ගුවන් යානා සඳහා ද ජනවාරි 22 වනදා සිට ගුවන් තොටුපළ විවෘත කිරීමට සූදානම් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...