දේශීය පුවත්

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් න්කුත් කරමින් පවසා සිටින්නේ කොරෝනා මෘත දේහ භූමදානය සඳහා නිර්දේශ දුන් කමිටුව රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසින් පත් කරන ලද්දක් නොවන බව පවසා සිට්යි.

මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා අඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදී පවසන ලද්දේ එක් කමිටුවකින් නිර්දේශ දී තිබියදී දෙවන කමිටුව පත් කලේ කවුදැයි තමන් නොදන්නා බවයි.

රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

කොවිඩ් මරණ ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීම සදහා රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට කෙරෙන මාධ්‍ය වාර්තා අසත්‍යයි.

ඇතැම් විද්‍යුත් සහ වෙබ් මාධ්‍ය මගින් වාර්තා කල පරිදි කොවිඩ් මරණ ආදාහනයද භුමීදානයද යන්න නිර්දේශ කිරීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට ගෙන යන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතු බවත් ආගම, ජාතිය, දේශපාලනය, සමාජ මතවාද, මිත්‍යා මතවාද මත පදනම්ව කිසිවිටෙක තීන්දු තීරණ නොගත යුතු බවත් වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කරන ලද කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම යෝග්‍ය වන බව අමාත්‍යවරිය පෙන්වාදෙයි.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබදව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් මාළාවක් නිකුත් කර ඇති අතර කොවිඩ් 19 සම්බන්ධයෙන් මුල්කාළීනව පැවැති වෛද්‍ය විශේෂඥ මතයන් විටින් විට වෙනස්විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව එවැනි මතයන් ඉදිරිපත් විය හැකිය. එවැනි තත්වයන් පිළිබදව අධ්‍යනය කර තමන් වෙත විශේෂඥ මතයන් ඉදිරිපත් කරන ලෙස වෛරස් විශේෂඥයින්, වෛද්‍ය විශේෂඥයින් වෙත අමාත්‍යවරිය විසින් දන්වා ඇති නමුත් කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමිදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වෙනත් කිසිදු කමිටුවක් අමාත්‍යවරිය විසින් පත්කර නොමැති බව තවදුරටත් තහවුරු කර සිටිමු.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More