ආණ්ඩුවේ ජනවරම උදුරා ගැනීම සඳහා විපක්ෂයට දේශපාලන ඉල්ලමක් පහළ වී ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටී.
ආණ්ඩුව අන්තවාදී බලවේග වලට යටත් වී තමා විසින්ම පැනවූ නීතියක් වෙනස් කිරීමට උත්සහා කරන බවට එල්ලවන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
මේ සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින් “ ඉස්ලාම් ආගමික අන්තවාදීන් සැම විටම ඇස් යොමු කරමින් සිටින්නේ තම සංවිධානවල සාමාජික සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා කුමන හෝ ගැටුමක් කරලියට පැමිණෙන තුරුයි.ඊට සමගාමීව මුස්ලිම් තරුණයන් සහ මහා සමාජය අතර ගැටුම් නිර්මාණය කිරීම ඔවුන්ගේ දෙවන අරමුණ බව ඉතා පැහැදිලියි. ඒ සියල්ලට අමතරව ආණ්ඩුව අමාරුවේ දැමීමට එනම් බහුතර සිංහල ජනතාව අතර ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමත් ඔවුන්ගේ අරමුණයි. එම ක්‍රියාවලිය ඇතුළේ හතරගාතෙන් වැටී සිටින විපක්ෂයට මහා දේශපාලන ඉල්ලමක් පහළ වෙනවා. ඒ වගේම ආණ්ඩුවේ ජනවරම ආපසු උදුරා ගැනීමටත් මනරම් අවස්ථාවක් නිර්මානය වෙනවා. ආණ්ඩුව අන්තවාදී බලවේග වලට යටත් වෙලා පළමු විද්වත් කමිටුව මගින් ලබාදුන් නිර්දේශ සහ ඒ අනුව පැනවූ නීතිය වෙනස් කිරීමට නව කමිටුවක් පත් කිරීම නිසා විපක්ෂයට එම වාසිය ලැබෙන බව පේනවා.අධිකරණය මගින් එම ප්‍රශ්නය විසඳා තිබියදී සහ විද්වත් කමිටුවකින් නිර්දේශ ලබා දී තිබියදී සහ ඊට අදාලව නිර්දේශ පනවා තිබියදී අන්තවාදී බලවේග වලට යටවී නීතිය වෙනස් කිරීම ගොන් තකතීරු වැඩක්” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...