සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (04) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ යුක්‍රේන සංචාරක පොකුර හරහා රට කොවිඩ් 19 තුන්වෙනි රැල්ලකට හසුකිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි.
පළමු කොවිඩ් රැල්ලේ මූලාශ්‍ර හඳුනාගත්ත ද දෙවෙනි රැල්ලේ මූලාශ්‍රය ගැන තවමත් නිවැරදිව ප්‍රකාශ කර නොමැති තත්ත්වයක එය සඟවමින් මුදල් නිසා,ආදායම් මාර්ග නිසා ඒවගේම රටට සල්ලි එනවා කියා මුළු රටම ලෙඩ කරන්න තරම් කොවිඩ් 19 තුන්වෙනි රැල්ලකට අතවනන භයානක තීන්දුවකට ආණ්ඩුව එළඹීම ඉතාම කණගාටුදායක බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.
ආණ්ඩුව මෙසේ රට උගස් කර තැබීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ද රට තුළ කොවිඩ් අවදානම පහව යනතුරු මෙවැනි අවදානම් තීරණ ගැනීමෙන් වැළකිය යුතු බව ද අවධාරණය කළ මන්ත්‍රීවරයා තමන් එසේ පවසන්නේ යුක්‍රේන සංචාරකයින්ගෙන් රටට යළි අවදානමක් පවතින බව පැහැදිලිව පෙනෙන්නට ඇති නිසා බව තවදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...