මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන ආන්දෝලනාත්මක ඡායාරූපයක් පිළිබඳව එයට අදාල සාදයේ භාරකරු වන 2020 වසර අවසානයේදී විශ්‍රාම ගිය අමාත්‍යාංශ 3ක ලේකම් ධූරය හොබවා ඇති චූලානන්ද පෙරේරා මහතා මෙසේ විස්තර කරයි.
ඔහු විශ්‍රාම යෑමට පෙර හරීන් පෙරේරා සහ විමල් වීරවංශ යන ඇමතිවරුන් යටතේ තොරතුරු තාක්ෂණ, ක්‍රීඩා සහ කර්මාන්ත යන අමාත්‍යාංශ තුනේ ලේකම් ලෙස කටයුතු කලේය.
විමල් වීරවංශ හරිම නිර්මාණාත්මකයි, අවශ්‍ය වේලාවේදී අවශ්‍ය නිර්මාණාත්මක දේ ඉදිරිපත් කරනව, යම් කිසි කාරණයක් සම්බන්ධයෙන් තම අමාත්‍යාංශ මට්ටමෙන් ඇමතිවරයා ලෙස කළ හැකි මැදිහත් වීමක් තිබේ නම් කඩිසරව ඉක්මනින්ම එයට මැදිහත් වනවා, ඔය කෑගහන දේශපපාලකයා තුළ විශාල කළාකරුවෙක් සිටිනවා. එතුමා හැම වෙලාවෙම මාව අගය කළා. පාර්ළිමේන්තුවෙදිත් මාව අගය කළා.
මම අමාත්‍යාංශ ලේකම්වරයෙක් ලෙස පළමුවෙන්ම කටයුතු කලෙත් හරීන් ප්‍රනාන්දු වැනි හරිම නිහතමානී, හරිම නිර්මාණාත්මක හරිම සුහදශීලී අමාත්‍ය වරයෙක් සමගයි. බැලූ බැල්මට දෙන්න දෙවිදියක් වගේ පෙනුනට දෙන්නම හරිම නිර්මාණාත්මකයි.
මම හඳුන්වා දුන් E ග්‍රාම නිළධාරී නම් ඉතා වැදගත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව නම් පවතින්නේ හරිම කණගාටුවක්. වගකිව යුතු අයට කොච්චර කිව්වත් ඒක කරන්නෙ නැහැ. වෙන වෙන දේවල් නම් කරගෙන යනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සිටියදී “ඩ්‍රීම් ටු ඔලිම්පික්ස්” (Dream to Olympics) නම් වැඩ සටහනක් හැදුවා. ක්‍රියාත්මක නැහැ. වත්මන් ඇමතිවරයාට මෙය දැන්වූවා. එතුමා එය ක්‍රියාත්මක කරාවි යැයි බළාපොරොත්තු වෙනව.
ඊලඟට පිටරට යන පුරවැසියන් පිළිබඳව තොරතුරු වැඩසටහනක් හැදුවා. ඒව ක්‍රියාත්මක කරන්න සමහර නිළධාරීනුත් උනන්දු වන්නේ නැති වීම කණගාටුවට කරුණක්.
මම විශ්‍රාම යන අවස්තාවේ සමුගැනීමේ සාදයට මා සමග සිටි ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ මන්ත්‍රීවරු, ඇමතිවරු ගොඩක් අය එතෙනට ආවා. එකට මට සුභ පැතුවා. එකට ගීත ගායනා කරා. එකට දුකින් ගියා. ඒකයි ඒ පිළිබඳ ඇත්ත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...