දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත් කිරීම සඳහා වෙහෙසුන සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව සහ බෞද්ධ සංවිධාන මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ ක්‍රියාකාරීව වැඩකළ තරුණ පිරිස් එක්ව”මේ අපේම රට මතු පරපුරටත් දායාද කරමු!”, “ජාතිවාදය එපා එකතු වෙමු!” යන තෙමාවන් යටතේ 69 ලක්‍ෂයක ජනවරම රැක ගැනීම සඳහා වූ සාමකාමී විරෝධතාවයක් 2021.01.03 ඉරිදා පෙ.ව 10.00 බොරැල්ල කනත්ත ඉදිරිපිටදී පැවැත්වීය.

මෙම විරෝධතාවයට ගෝඨාභය රාජපක්ෂ ජනතිපතිතුමාගේ ජනවරම පිටුපස සිටි සංවිධාන සහ පුද්ගලයින් සිටි බවද අප වෙත වාර්තාවේ.

විරෝධතාකරුවන් අතෙහි අලි සබ්‍රි මහතා පිටුපස සී අයි ඒ සංවිධනය සිටිනවාදැයි ප්‍රශ්න කරන විරෝධතා පුවරු දක්නට ලැබුණි.

විරෝධතාකරුවන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමට ලිපියක්ද සකස් කර තිබුණි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More