දේශීය පුවත්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙතෙක් දිනක් තුළ සංශෝධනයට ඉදිරිපත් කරණු ලබන වැඩිම පණත් ගණන හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. එහිදී අප වෙත වැඩිදුරටත් වාර්තා වන්නේ සමාජයේ පැවැත්මට අතිශය තීරණාත්මක පනත් වන සාක්ෂි ආඥා පනත, ඇප පනත, දණ්ඩ නීති සංග්‍රහය,කාර්යාල සහ සාප්පු පනත,කර්මාන්ත ශාලා පනත,ළමුන් සේවයේ යෙදවීමේ පනත,අවම වැටුප් පනත ආදී වශයෙන් පනත් වූ 8 ක් මෙසේ සංශෝධනයට මෙසේ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ කම්කරු පන්තියට ඉතා තීරණාත්මක පනත් මෙලෙස කඩිමුඩියේ ඉදිරිපත් කිරීම පිටුපස දැඩි ආර්ථික අර්බූදයකට මුහුණ දෙමින් සිටින ආණ්ඩුව අප රට සතු සම්පත් පිටරට වලට විකුණා දැමීමේ කුමන්ත්‍රණයේ එක් පියවරක් දැයි සැක සිතෙන බවයි.

කෙසේ වුවද මෙම පනත් තුල කම්කරු පන්තියට අහිතකරව බලපාන්නාවූ සංශෝධන ඉදිරිපත් වුවහොත් ඒවා හකුළා ගැනීමට බලපෑම් කිරීමට මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් බව කම්කරු සංගම් නියෝජිතයෝ අවධාරණය කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More