දේශීය පුවත්

චීනයෙන් සහ ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක විනිමය හුවමාරු පහසුකමක් (Swap Arrangement) විදේශ සංචිත මට්ටම ශක්තිමත් කර ගැනීම අරමුණ කරගනිමින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවත් එය ඉතා ඉක්මනින් ලබාගත හැකි වනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා පවසයි.

මේ ගැන දැනටමත් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ද එම රටවල්වලින් මීට අදාළ ප‍්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා සිටී.

මෙම විනිමය හුවමාරු පහසුකම ඉන්දියානු රිසව් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන එකක් සහ චීන මධ්‍යම බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක් වශයෙන් ලබා ගැනීමට නියමිතය. මෙමගින් විදේශ සංචිත මට්ටම වර්ධනය කරගෙන ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට අපේක්ෂා කෙරේ. මෙය විදේශ වාණිජ ණය මුදල් ලබා ගැනීමට වඩා ආර්ථිකමය වශයෙන් රටට වාසිදායක වනු ඇති බව ඔහු  පවසයි.

මේ විනිමය හුවමාරු පහසුකමේදී සිදු වන්නේ වෙනස් මුදල් ඒකකවලින් දෙපාර්ශ්වයක් අතර සමාන වටිනාකමක මුදල් ප‍්‍රමාණයක් පසුව නැවත පියවා ගැනීමේ එකඟතාව මත හුවමාරු කර ගැනීමයි.

පසුගිය දිනවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස පිරිහීමට ලක් වූ අතර එම තත්ත්වය සමනය කර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව මැදිහත් විය. මේ තත්ත්වය හමුවේ පවතින විදේශ සංචිත මට්ටමට බලපෑම් එල්ල වන අතර මෙවැනි විනිමය හුවමාරු පහසුකමක් මගින් රටේ සංචිත තත්ත්වය වර්ධනය කරගෙන රුපියලේ අගය ස්ථාවර කර ගැනීමට හැකියාව ලැබෙන බව ද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More