දේශීය පුවත්

විවිධ වර්ගයේ ගිනිඅවි හා ජීවඋණ්ඩ තොගයක් නිවසේ සඟවා තබාගෙන සිටි දෙදරු පියෙකු වන බෙලිඅත්ත, නිහිළුව ප‍්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි හිටපු වාරිමාර්ග ඉංජිනේරුවරයකු තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය 02 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ නිවසේ සිදුකළ සෝදිසියකදී නිවසේ තැන තැන සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවි 2ක්, මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක කොටස් කිහිපයක්, ගිනි අවිවල බැරලය සුද්ධ කිරීමට යොදා ගන්නා අගල් 32ක් දිග යකඩ කූරක්, කඩු දෙකක්, උල් පිහියක්, බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ 30ක්, ටී 56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 15ක්, 303 වර්ගයේ රයිෆල් සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 19ක්, මිලි මීටර් 9 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන ජීවඋණ්ඩ 7ක් හා බෝර 12 වර්ගයේ ගිනිඅවි සඳහා යොදන හිස් පතොරම් කොපු 12ක් තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ සැකකරු වැඩි කලක් වාරිමාර්ග ඉංජිනේරුවකු ලෙස අම්පාර, මහඔය ඇතුළු ප‍්‍රදේශවල රාජකාරි කළ බවත්, එම කාලයේදී විවිධ ස්ථානවලදී හමුවූ මෙම ගිනිඅවි එකතු කරගත් බවත්, ගිනිඅවිවලට ඇති ආසාව නිසා මෙලෙස රැගෙනවිත් නිවසේ තබාගත් බවත්ය. සැකකරු සන්තකයේ තිබී හමුවූ මෙම ගිනි අවි යොදාගෙන යම් අපරාධයක් සිදුකර ඇතිද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබේ. ගිනිඅවි හා ජීව පතුරම් ඇතුළු උපකරණ සමග අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා බෙලිඅත්ත පොලිසියට භාර දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More