කොවිඩ් වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් නව වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ දරුවන් පාසල් කැඳවීම පෙබරවාරි මස දෙවැනි සතිය දක්වා කල් දැමීමට සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
ඇතැම් ප්‍රධාන පෙළේ පාසල් පළමු ශ්‍රේණියට තෝරා ගත් දරුවන්ගේ අවසන් ලේඛන තවමත් ප්‍රසිද්ධ නොකිරීම මෙන්ම පසුගිය වසරට නියමිත වූ විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමට නොහැකි වීම යන කරුණු ද මෙම තත්ත්වයට හේතු වී තිබේ.
මේ අතර බස්නාහිර පළාතේ හා වසාදමා ඇති වෙනත් ප්‍රදේශවල පාසල් හැර සෙසු සියලුම පාසල් නව වසර සඳහා මෙම 11 වැනිදා විවෘත කෙරේ. පසුගිය වසරේ දී සම්පූර්ණ කිරීමට නොහැකි වූ විෂය නිර්දේශ කොටස් මෙම මාස දෙක ඇතුළත සම්පූර්ණ කරන ලෙස අමාත්‍යාංශය පාසල් ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ. සෞඛ්‍ය නිර්දේශානුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බවත් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙසත් අමාත්‍යාංශය තවදුරටත් දන්වා තිබේ.
බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සඳහා අවසර දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ද කළ ඉල්ලීම්වලට සෞඛ්‍ය අංශ අනුමැතිය මෙතෙක් ලැබී නැත. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් මාර්තු මාසයේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් ඇති විය හැකි යැයි අධ්‍යාපන බලධාරීහු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...