දේශීය පුවත්

ශ‍්‍රී ලංකා රජය විසින් එම්.සී.සී. ගිවිසුමට අදාළ එකඟතාවන් අදාළ කාල පරාසය තුළ ලබා නොදීම නිසා ඊනියා එම්. සී. සී. ආධාර වැඩසටහනින් ශ‍්‍රී ලංකාව ඉවත් කොට ඇති බව කියවේ. ඒ අනුව මොළෙන් පහරදීම යනු සෘජු තීන්දුවක් ප‍්‍රකාශයට පත් නොකර රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ‘‘ඇද – ඇද සිටීම’’ බව පැහැදිලි වේ.

ඒ ආකාරයට තාක්ෂණික හේතුවක් මත ශ‍්‍රී ලංකාව එම්. සී. සී. වැඩසටහනින් ඉවත් කරන බව නිලවශයෙන් සඳහන් වුවද 2019 වසරේදී එම ගිවිසුමට අත්සන් ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයට බරපතළ රාජ්‍ය තාන්ත‍්‍රික පීඩනයක් එල්ල වූ බව රහසක් නොවේ. එදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දින 53 ක් සඳහා නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම නිසා ඇති වූ අවුල සහ එම්. සී. සී. ගිවිසුම අත්සන් කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාව ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා පුද්ගලිකව බරපතළ මැදිහත්වීමක් සිදු කළ නිසා එදා ශ‍්‍රී ලංකික ජාතියට එම්. සී. සී. මර උගුලින් ගැලවීමට හැකියාව ලැබුණි.

ඒ පිළිබඳව දේශපාලන ගෞරවය මෛත‍්‍රිපාල සිරිසේන මහතාට නොලැබීම එක්තරා ආකාරයකට එම්. සී. සී. විරෝධී කඳවුරට අවාසිදායක බවට ද තර්කයක් ගොඩ නැගිය හැක.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර මහතා මේ බව සදහන් කරන්නේ ඉරිදා දිවයින පුවත්පතට ලිපියක් යොමු කරමින්

සම්පුර්න ලිපිය

MCC වෙනස් පාරකින් එයිද…?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More