දේශීය පුවත්

ඉකුත් දෙසැම්බර් 31 වැනි දින අග්‍රාමාත්‍යවරයා, චමල් රාජපක්ෂ අමාත්‍යවරයා හා ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා කතරගම පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථවේදී කතරගම අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් විසින් රටේ නීති පද්ධතිය සම්බන්ධයෙන් අනුශාසනාවක් කළ බව වාර්තාවේ.

එහිදි උන්වහන්සේ අනුශාසනා කර ඇත්තේ බලයට ආශාවෙන් නීති රීති වෙනස් නොකරන ලෙසත් එක රටක එක නීතියක් ක්‍රියාත්මක කළයුතු බවත් කොවිඩ් මළ සිරුරු ආදාහනය කිරිමට තීරණය කර ඇත්නම් එය දිගටම කරන ලෙසත්ය.

සරණතිස්ස හිමියන් මෙම අනුශාසනාව කර ඇත්තේ සෑම වර්ෂයකම අවසානයේ එළඹෙන නව වසරට සෙත් පතා කතරගම මහා දේවාල භූමියේ පැවැත්වෙන පිරිත් පිංකම ආරම්භයේදී උන් වහන්සේ විසින් කරණු ලබන අනුශාසනව අතරතුරදීය.

පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියෝ කතරගම අභිනවරාමයේ විහාරාධිපති හිමියන් මෙන්ම රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක තනතුරද හොබවනු ලබන්නාහ.

(අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් ඇසුරෙන් සැකසුනු මේ වාර්තාව සම්බන්ධයෙන් කිසිදු පාර්ෂවයක් මෙම පුවතේ සත්‍යය අසත්‍යයතාවය පිළිබඳව තහවුරු කර නැත.)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More