සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යැයි කියමින් කුරුණෑගල නගර මධ්‍යයේ ඇති පෞරාණික රජපිහිල්ල උද්‍යානය විනාශ කර ඇති බවට වාර්තාවේ.
උද්‍යානයේ ඇති විශාල ගස් කපා බිම දමා ඇති අයුරු මේ වන විට දැක ගත හැකි බව ප්‍රදේශවාසීහු පවසති.අදියර දෙකක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති පෞරාණික රජපිහිල්ල උද්‍යානය පළමු අදියර ලෙස පෞද්ගලික ආයතනයකට උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීමට බාර දී ඇති බව වාර්තාවේ.
උද්‍යානයේ ඇති ගස් 28ක් ඉවත් කිරීමට සලකුණු සලකුණු කර තිබී ඇති අතර දැනටමත් ගස් 32ට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර ත්බෙන බව ප්‍රදේශවාසිහු පවසති. තවද උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි මණ්ඩපයක් ද මුළුමනින්ම කඩා දමා ඇති බවද ප්‍රදේශවාසීහු චෝදනා කරති.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...