දේශීය පුවත්

ආක්‍රමණශීලි හා නිරෝධායන පළිබෝධකයකු වන ‘සේනා දළඹුවා’ විනාශ කිරීම සඳහා රුවන්ඩා හමුදා කෘෂි විශේෂඥයින් විසින් නිර්දේශ කර ඇති ‘පයිරෙත්‍රම්’ (pyrethrum) නම් කෘමිනාශකය, මෙරට මී මැස්සන්, සමනලුන්, මත්ස්‍යයින්, ක්ෂීරපායින් ඇතුළු සත්වයින් රැසකට අතිශයින්ම මාරාන්තික බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය දන්වා සිටී.මෙම සේනා දළඹුවා බඩ ඉරිඟු, උක්, වී, එළවළු, පලතුරු ඇතුළු රනිල බෝග සියයකට පමණ හානි කාරක තර්ජනයක් වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

බඩඉරිඟු ඇතුළු වගාවන්ට හානි කරන සේනා දළඹුවා පිළිබඳව සොයා බැලීමට රුවන්ඩා හමුදා බ්‍රිගේඩියර් ජනරාල්වරයකු ඇතුළු හය දෙනකුගේ කණ්ඩායමක් ලංකාවට පැමිණ කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිදුකළ පැහැදිලි කිරීමකින් පසුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය විසින් කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තාවේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතර පැතිර යන සේනා දළඹුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට රුවන්ඩාවේ ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව රුවන්ඩාවේ බ්‍රිගේඩියර් ජෙනරාල්වරයකු වන ෆ්‍රෙඩ් මුසිරගුහාරාරා සමඟ එරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් වන ඇලෙක්සිස් රුසාගාරා සහ ජේන් මාරී වියානී උසුමුගුරා ඇතුළු විද්‍යාඥයන් 6 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණියහ.

ජනාධිපතිවරයා මේ පිරිසට මෙරටට ආරාධනා කර ඇත්හේ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති හා මිරිසවැටිය විහාරාධිකාරී ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් කරන ලද ඉල්ලීමකට අනුව බව වාර්තාවේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More