අපි බලයට පත්කර ගත් ආණ්ඩුව වැරදි මාර්ගවල ගමන් කරනවා නම් ආණ්ඩුව හරි පාරට ගන්න එක අපේ වගකීමක් බවත් වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා පෙරමුණ ගත් විවිධ පාර්ශ්ව ඇතැම් කාරණාවලදී තදින් සිටින්නේ ආණ්ඩු විරෝධයක් හෝ ආණ්ඩුව සමග තරහක් නිසා නොවන බවත් බෙංගමුවේ නාලක හිමි අවධාරණය කරයි.
මෙම තත්වය ආණ්ඩුව විසින්ද තේරුම් ගත යුතු බවත්, ඔවුන් බලයට පත්කළ පිරිසගේ අපේක්ෂා ඉටු කිරීම වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටිය යුතු බවත් වැඩිදුරටත් පවසා සිටින් උන්වහන්සේ යහපාලන ආණ්ඩුව පරාජයට පත්කර අලුත් රජයක් පත්කර ගත්තේ යහපාලන ආණ්ඩුව ගිය මාර්ගය නිවැරදි නොවන නිසා බවත්, වත්මන් ආණ්ඩුවද එම පාරේම ගමන් කරන්නේ නම් ඒ දෙස බලා සිටිය නොහැකි බවත් අවධාරණය කොට පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...