දේශීය පුවත්

උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්. කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පවසන්නේ ගොවීන්ගෙන් අමු කහ මිලදී ගෙන කහ සංචිතයක් පවත්වාගෙන යන අතර රටේ කහ හිඟයක් හෝ මිලෙහි වැඩිවීමක් ඇති වුවහොත් මෙම සංචිතයෙන් කහ වෙළෙඳපොළට මුදා හැරීමට රජය සැලසුම් කර ඇති බවය.

කුළු බඩු සංස්ථාව මගින් මෙම කහ සංචිතය පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇති බව පැවසූ ඇමැතිවරයා නිෂ්පාදනය වන අමු කහ තොගය අනුව කහ සංචිතය කොපමණදැයි තීරණය කිරීමට නියමිත බවද ප්‍රකාශ කර සිටියේය.

එමෙන්ම, ගොවීන්ගේ අමුකහ අස්වනු මිලදී ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවත්, ඒ සඳහා කුළු බඩු නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා කර ඇතැයිද පැවසූ ඔහු ඉකුත් 2019 වසරේ හෙක්ටයාර් 1000කටත් අඩු භූමි ප්‍රදේශයක කහ වගා කිරීම නිසා පසුගිය වසරේ (2020) කහ අර්බුදයක් මතුවූ බව ද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More