දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා පවසන්නේ ලංකාවට එන ‘රට විරුවන්’ හෝටල්වල නිරෝධායනය කරන්න යවා මේ ආණ්ඩුව රුපියල් ලක්ෂ ගණනින් හුරාගෙනකන බවයි.

වත්මන් ආණ්ඩුවට 2021 නව වසරෙත් නිසි වැඩපිළිවෙළක් නොමැති නිසා වැඩි ආයුෂ නැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවේ කොරෝනා අවදානමක් එක්ක විදෙස් රටවල්වල සිරවී සිටින ‘රට විරුවන්’ ලංකාවට රැගෙන එන්න මේ රජය රුපියල් ලක්ෂ දෙකත් රුපියල් ලක්ෂ හතරත් අතර මුදලක් අය කරන බවත් එම පිරිස් ලංකාවේ ගුවන් තොටුපළට රැගෙන ආවාට පසු ඔවුන්ව නිරෝධායනය සඳහා හෝටල් වලට යොමු කරන්නත් රුපියල් ලක්ෂ දෙකක් අය කරන බවයි. මන්ත්‍රීවරයාට අනුව මෙම කාර්යය අසාධාරණ මෙන්ම තනිකරම මුදල් හුරාගෙන කෑමක් මෙන්ම තනිකරම මාෆියාවකි.

එහිදී මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ආණ්ඩුව බලයට ආවේ එක නීතියක් එක රටක් කියා බවත් බලයට පැමිණි පසු එක එක අයට එක නීති ක්‍රියාත්මක කරන බවත් දැන් ඇත්තේ ව්‍යාපාරිකයන් රජ කරන ආණ්ඩුවක් බවත්ය.

මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන මහතා තවදුරටත් “පිටරට රැකියා කරලා දුක් විඳලා හම්බ කරගත්තු සේසතම මේ ආණ්ඩුවට පූජා කරන්න අපේ රට විරුවන්ට සිද්ධ වෙලා. හරි කනගාටුයි, මේ ආණ්ඩුව කරන වැඩේ ගැන. මේ නිසා විදෙස්ගත අපේ ශ‍්‍රමිකයින් මානසිකව ඇද වැටිලයි ඉන්නේ.” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More