දේශීය වෙදකම්, ප‍්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ ලබන සතියේ සිට කොවිඞ් රෝගීන්ට නාවින්න ආයුර්වේද පර්යේෂණ රෝහලේදී දේශීය ඖෂධ ලබා දෙමින් නේවාසික ප‍්‍රතිකාර කිරීමට කටයුතු සකස් කෙරෙමින් පවතින බවයි.
අමාත්‍යය සිසිර ජයකොඩි මහතාට අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කරන ලද ඖෂධ පමණක් ලබාදීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍යය අමාත්‍යයවරයා ‘‘ආයුර්වේද රෝහල්වලට කොවිඞ් රෝගීන් ඇතුළත් කරන්න දේශීය වෛද්‍යය අමාත්‍යාංශය තීරණය කළා. මෙතෙක් කල් කොවිඞ් ආසාදිතයන් බටහිර රෝහල්වල ප‍්‍රතිකාර ලැබුවා. ඒ රෝගීන්ට දේශීය ඖෂධ ලබා දීමේ ගැටලූ රාශියක් පැවතුණා. නමුත් දැන් ඒ කොවිඞ් රෝගීන්ට දේශීය ඖෂධ ප‍්‍රතිකාර ලබාදීම සඳහා තීන්දුවකට එළඹුණා.මේ වන විට සායනික වශයෙන් සහ රෝගයට ප‍්‍රතිකාර ලෙස ඉදිරිපත් කර ඇති ගුඩිත්වාදී චූර්ණය, සුවධරණි ප‍්‍රතිශක්තිකරණ පානය, රතකල්කය, ඒ වගේම සුදර්ශන පැනිය වැනි තවත් දේශීය ඖෂධ භාවිතා කරමින් කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර කරන්න බලාපොරොත්තු වෙනවා. මොන බාධක ආවත් දේශීය ඖෂධ නගා සිටුවමින් කොවිඞ් රෝගීන් සුවපත් කිරීම සඳහා මැදිහත් වෙනවා. ඒ වගේම දේශීය ඖෂධවල වටිනාකම ගැන ජනතාව දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.” යැයි පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...