කොවිඩ් මර්ධනය සඳහා රුසියාව නිපදවා ඇති Sputnik V එන්නතේ සාර්ථකත්වය; සායනික අත්හදා බැලීම්හි අවසන් විශ්ලේෂණ මත පදනම්ව 96%ට වඩා ඉහල බව එහි නිෂ්පාදක Gamelea පර්යේෂණ ආයතනය තහවුරු කර ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යයාලය පවසයි.
මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එහි වසංගත රෝග හා ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ පර්යේෂණ ආයතනය අතර පසුගිය 29 දින අන්තර්ජාලය ඔස්සේ පැවති රැස්වීමකදී මේ බව දැනුම් දුන් බව ශ්‍රී ලංකා තානාපති කාර්‍යයාලය සඳහන් කරයි.
කොවිඩ් වෛරසයේ වෙනස්වීම් පිළිබඳව රුසියාවේදී කර ඇති පර්යේෂණ හා රුසියාවේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල පිළිබඳව රුසියානු පාර්ශවය විසින් දීර්ඝ ලෙස කරුණු පෙන්වා දී ඇත.
අවශ්‍ය සියලු විද්‍යාත්මක දත්ත ලබාදීමට සූදානම් බවත් පූර්ණ තොරතුරු පරාසයක් ලබාදීම සහතික කිරීම සඳහා තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට සූදානම් බව ඔවුන් පවසා ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛය අමාත්‍යාංශ ලේකම් එස්.එහ්.මුණසිංහ, වෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, අතිරේක ලේකම් විද්‍ය එල්. සෝමතුංග ඇතුලු වසංගත රෝග විද්‍යාඥයින්, ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයින්, එන්නත් පිළිබඳ සහ වෛරස් පිළිබඳ විශේෂඥයින් ප්‍රතිශක්ති පිළිබඳ විශේෂඥයින් සහ වෙනත් විශේෂඥයින් විශාල පිරිසක් මෙම හමුවට සහභාගී වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...