දේශීය පුවත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටින්නේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සඳහා ක්‍රියාවට නංවා ඇති ‘සංචාරක බුබුල’ නියමු ව්‍යාපෘතිය අසාර්ථක වුවහොත් ඉදිරි සියලු කටයුතු අසාර්ථක වීම වැළැක්විය නොහැකි බවයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ යුක්රේනයේ සිට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමත් එම සංඛ්‍යාව තවත් ඉහළ යාම සිදු වුවහොත් අන්තරාදායක තත්වයක් උද්ගතවීම නොවැලැක්විය හැකි බවයි.

වෛද්‍යය හරිත අලුත්ගේ මහතාගේ අදහසට අනුව සංචාරකයන් නවාතැන් ගෙන සිටින හෝටල් වලින් එළියට යාමට සිදුවීමේදී බාහිර සමාජය සමඟ ගැටෙන අවස්ථා ඇතිවීම අනිවාර්යෙන්ම වැළැක්විය යුතු අතර දළදා මාළිගාව සීගිරිය වැනි ස්ථානවලට දේශීය සංචාරකයන් ද පැමිණෙන නිසා දැඩි අවධානයක් යොමු කළ යුතුය.

“සංචාරක කර්මාන්තය නගාසිටුවීමට පියවර ගන්නා සේම මිලියන 22 ක් වන රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කළ යුතුයි” යනුවෙන් ඔහු කියා සිටියේය.

අවසාන වශයෙන් ඔහු පවසා සිටියේ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය වන බවට දැනටමත් චෝදනා එල්ල වී ඇති බවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය යුත්තේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More