දේශීය පුවත්

එළැඹෙන මාර්තු මාසයේදි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව සිය ස්ථාවරය දැනුම්දීම වෙනුවෙන් යාපනයේදි පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කර සිටියේ එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගන්නා තීරණය අලුත් තීරණයක් විය යුතු බව යි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මහතා මෙසේද කීය.

“ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු 40/1 යන යෝජනාව ක්‍රියාත්මකවීමේ කාලය අවසන් වෙනවා. නමුත් මේ වසර ආරම්භවීමටත් පෙර ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා තම සහයෝගය ලබා නොදෙන බවටත් එම යෝජනාව සඳහා වන සමඅනුග්‍රාහකත්වයෙන්ද ඉවත්වීමට කටයුතු කරනබවටත් ප්‍රකාශ කළා.

“ඒ අනුව එළැඹෙන මාර්තු මාසයේදි පැවැත්වෙන ජීනීවා මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙරට දෙමළ දේශපාලන පක්ෂ හා වෙනත් පාර්ශවයන් සාමුහික ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය යන්න අපගේ ස්ථාවරයයි. ඒ පිළිබඳව දෙමළ දේශපාලන පක්ෂ එක්ව සාකච්ඡා කරනු ලැබුවා. එම ඉල්ලීම කවරක් විය යුතු ද එය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද ය්න්න තීරණය කිරීමට කමිටුවක්ද පත් කරනු ලැබුවා. ඒ අනුව එම කමිටුව නුදුරු දිනෙක රැස්ව මේ පිළිබඳ අවසන් තීරණ ගැනීමට නියමිතයි.”

එම තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ පැවැතිය යුතු බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More